Monday, September 19, 2011

අමුතුම සින්දුවක්...ඉකිගසා හඬන (ගායන ශිල්පී අමරසිරි පීරිස් )


අමරසිරි පීරිස් මහතා

වැඩ ගොඩකට පස්සේ බ්ලොග් එක පැත්තට අවේ සැහෙන කාලෙකින්...යාලුවෝ ගොඩ දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා...හැමෝටම ගොඩක් ස්තුතියි...
                                                අද මම කියන්න හිතුව ඔයාල ගොඩක් ආස කරන ගායකයෙක් ගැන. ඒ තමයි අමරසිරි පීරිස් මහත්මයා...එතුමා  මුලින්ම ගායකයෙක් නෙවෙයි. ගායන හැකියාව තිබුනට අහම්බෙන් වගේ ගායන ක්ෂේත්‍රයට පැමිණිය පුද්ගලයෙක්.එතුමා ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ වාද්‍ය වෘන්දයේ වයලීන් වාදකයෙක් විදියට තමා හිටියේ..මේක එක දවසක වුන රසවත් කතාවක්.මේක වෙලා තියෙන්නේ ළඳුනේ ගීතය පටිගත කරන්න තිබුන දවසේ...අහල ඇති කට්ටියත් ඇති.දන්නේ නැති අය අහගන්නකෝ.කේමදාස මාස්ටර් කියන්නේ බොහොම විනය ගරුක තරමක් තද ගති පැවතුම් තියන වෙලාවටම වැඩ  කරන පුද්ගලයෙක් නේ.ඉතින් ඔය කියන දවසේ ඒ සින්දුව පටිගත කරන්න සේරම වැඩ කටයුතු සූදානම්..නමුත් එක පුද්ගලයෙක් අරෙන්න.ඒ තමා ගායකයා.ඒ වෙන කව්රුත් නෙවෙයි.අපේ රටේ ඉන්න මහා ඝන්දර්වයා විශාරද පණ්ඩිත අමරදේවයන්.  නමුත් එතුමා එනතුරු කල්  ගත කිරීමට අකමැති වුන කේමදාස මාස්ටර් අමරසිරි පීරිස් නම් වූ වයලීන් වාදකයට(එකල) එම ගීතය ගයන කරන්නට ඇරයුම් කරනවා.එතනින් තමා අමරසිරි පීරිස්  නම්වූ වයලීන් වදන ශිල්පියා ගායකයෙකු වෙන්නේ.
                                                                                       මේ විදියට තමන් ගැයූ පළමු ගීතයෙන්ම අතිශය ජනප්‍රියත්වයට පත්වුන මෙතුමා අද වන විට ගීත රාශියක්ම අප හට දායාද කරලා තියනවා.ඒ හැම ගීතයක්ම වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති අලංකාර ගීත බවට පත්වෙලා තියනවා.ගොඩක්ම එතුමා ගායනා කරලා තියෙන්නේ සම්භාව්‍ය ගීත තමයි.අද වෙනකොට ගොඩක්ම තරුණ පරපුර එතුමාගේ ගීත වලට ඇලුම් කරනවා.මේ වගේ ගායකයෙක් ඉන්න එක අපේ රටට  විශාල ආඩම්බරයක්....ඔයාලට මෙතුමා ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් පහතින් දක්වා ඇති ලින්ක් එක මගින් හොයාගන්න පුළුවන්.


අමරසිරි පීරිස් මහතා ගැන....

ඉන්දියානු සම්භාව්‍ය සංගීතය...


Sunday, August 28, 2011

මොකක්ද මේ සම්භාව්‍ය සංගීතය කියන්නේ??????



                     සම්භාව්‍ය කියන එකේ ඉංග්‍රීසි තේරුම classical නේ...මේ classical කියන එකට පෞරාණික කියලත් අර්ථයක් තියනවා නේ.මම මුලදී මේ බ්ලොග් පිටුවට classical සංගීතය කියල දැම්මට පස්සේ හිතුන එකෙන් මම බලාපොරොත්තු වෙන තේරුම එන්නේ නෑ කියල.එක හින්ද තම සිංහලෙන්ම සම්භාව්‍ය සංගීතය කියල දැම්මේ.
                                                             මේ කියන සම්භාව්‍ය සංගීතය මුළු ලෝකේ පුරාම විසිරිලා තියනවා.ඒ අතරින් අපේ රටෙත් එක ගොඩක් ජනප්‍රියයි.ලංකාවේ නම් මේකේ පුරෝගාමීත්වය හම්බ වෙන්නේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ට.ඊට අමතරව තව ගොඩක් ගයක ගායිකාවෝ ඉන්නවා.ඒ ය 
ගොඩක් දුරට අයිති වෙන්නේ 70,80 දශක වලට.වර්තමානයේ නම් ගොඩක්ම තරුණ තරුණියන් මේ සංගීතය අහන්න අස වුනාට ගායනා කරන්න අස වුනාට දැන් බිහිවෙන ගොඩක් ගීත නිර්මාණ වල මේ සම්භාව්‍ය  කියන එක දකින්න අමාරුයි.නමුත්  ඒ වගේ ගීත නෑ කියන්නමත් බෑ.ඒකට හේතුව කසුන් කල්හාර,ඉන්දිකා උපමාලි  වගේ අලුත් පරම්පරාවේ ගයක ගායිකාවෝ පිරිසක් ඉන්න එක.අපි හෙමින් සැරේ මේ ගැන අධෟයනය  කරමුකෝ.මීලග ලිපි වලින් මම එක එක ගායකයින් සහ සංගීත නිර්මාපකයින් ගැන විස්තර පල කරනවා..ඔයාල මගේ එක්ක ඉදි කියල මම බලාපොරොත්තු වෙනවා....

බටහිර පැත්තෙන් ෆ්ලෙමින්ගෝ හිතැති අයට...


Friday, August 26, 2011

සම්භාව්‍ය සංගීතයේ පියා...(ෆ්රාන්ස් ජෝසප් හේඩ්න්)

ෆ්රාන්ස්  ජෝසප් හේඩ්න්(Franz Joseph Hayden) උපත ලැබුවේ 1732 මාර්තු 31 දී .එම කාලයේ බිහිවූ ප්‍රබලම සංගීත නිර්මාණ කරුවෙකු ලෙස ඔහු හැදින්වේ.පියානෝ වාදනයේ ඇති දක්ෂයෙක් විය..ඊට අමතරව හතර දෙනෙකුගෙන් යුතු තත් භාණ්ඩ  සංගීත කණ්ඩායම් වල පියා (Farther of the String Quartet) මෙන්ම සන්ධ්වනියේ පියා  (Farther of the Symphony)ලෙසින්ද ඔහු හැදින්වුනා.ජීවිතාන්තය දක්වාම ඔහු වාසය කලේ ඔස්ට්‍රියාවේ ය.1809 මැයි 31දී ඔහු ජීවිතයෙන් සමුගත්තේය.


Wikipedia ඇසුරෙනි..   

 
-